Tuesday, August 4, 2009

කළුවරේ කතා


හකාවතී කියන්නේ කතන්දරකාරයට... හැබැයි ඒක සිංහල ගෑණු කෙනෙක් ගේ නමක් වගේ නිසා මට හිතුනා මේ බ්ලොග් එක එහෙම නම් කරන්න.

මට මේ හකාවතී නම් යෝජනා කළේ නම් මගේ මිත්‍රයෙක්. එයා අරාබි බාසාව දන්නවා හොඳට. ඉතින් මගේ හිතටත් ඇල්ලුවා ඒ නම. ඒ හින්දා තමයි මේ.

ගෑණුන්ගේ නම්වලින් දේවල් නම් කරන එක හරිම ලස්සනයි නේ. අමරාවතී කියල සයිවර් කඩයක් තියෙනවා හැබැයි ගිණි ගනන් කෑම...

ගොඩක් ඉස්සර ඒ කියන්නේ 88 -89 කාලයේ රෑට ලයිට් දාන්න දුන්නේ නැහැනේ ...
ඒ කාලේ මටයි අක්කල දෙන්නටයි හරිම ජොලි. අපි කළුවරේ ඇඳන් උඩට වෙලා රෙදි පොරවන් කතා කියනවා...

ලොකු අක්කා හරිම බයයි ගැරඩින්ට. පොඩි අක්ක බය හොල්මන් වලට.

මම එච්චර කතා දන්නේ නැහැ ඒ කාලේ. කියන්නෙම බොරැ තමයි. ඒත් අක්කලා දෙන්නම ඒවට හිකි හිකි ගගා හිනා වෙනවා.

මම කරන්නේ කළුවරේ ...

ඔන්න අක්කගේ ඇඳ යට ගැරඩියෙක් !

කියල කෑ ගහන එක. එතකොට අක්කා ඊට හයියෙන් කෑ ගහනවා. එතකොට ගේ ඇතුලෙන් අම්මා කෑ ගහනවා...

මොකද තොපිට මැරැම් කන්න ඕන වෙලා ද කියලා...

එතකොට අපි හිකි හිකි ගගා හිනා‍ වෙනවා රෙදි අස්සට වෙලා... අක්කා අඩනවා බය කරනවා කියලා...ටික වෙලාවකින් ආයෙම කතා කියන්න ගන්නවා. සමහර දවසට එලිවෙනකම් කතා කියනවා...එලි වුනාම සතුටුයි. ඉර පායාගෙන එද්දී අපි අම්මා එක්ක තේ බොනවා.

ඉර පායන්න එපා කියල තහනම් කළාට වැඩක් නැති නිසා ඉර ඔහේ පෑයුවා.

ඒ කාලේ කවුරැත් බයෙන් හිටියේ. ඒත් අපි හරිම සතුටින් හිටියේ කළුවරේ කතා අහන්න...

14 comments:

said...

ඒ කාලෙනම් බය තිබ්බට හරිම ජොලි
අපේ නෑදෑයෝ සේරම හිටියේ එක ගෙදරක

හකාවතී said...

තවම පටන් ගත්තේ නැහැ කතා ලියන්න... :)

ලියල දැම්මම එන්නකෝ...

ස්තුතියි

Koombiya said...

ela ela ohoma yan
[me kathandaraya mama kohe namuth ahala thiyanawa wage!]

හකාවතී said...

ඔව් එක වගේ කතා තියෙනවා ගොඩක්. :)

මමත් ඉතිං ඒ වගේ කතා ටිකක් තමයි ලියන්න ඉන්නේ.

ස්තුතියි කූඹියා

DragonD said...

එල එල සහෝදරයා ! දිගටම ලියන්න ! මම හිතන්නෙ ටෙම්ප එක වෙනස් කලොත් හොඳයි ! මාත් ඩයරියක් ලියනවා ..... වෙලාවක් තිබ්බොත් ඒකත් කියවලා බලන්න !

මේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරමි !

Anura said...

ane hukahan

Anura said...

තොපිට වෙන වැඩ නැද්ද දරුවනේ කළුවරේ ජංගි අතගෑවේ නැද්ද උඔලා තුන් දෙනා අ.අ.අ.අ.අ.අ.අ.

කතන්දර කාරයා said...

මගේ සුභ පැතුම්!

කතන්දර කාරයා.

http://kathandara.blogspot.com/

chamila_dealwis said...

සුභ පැතුම්!!!

දිගටම ලියන්න.

Anonymous said...

Suba pethum
Parakku wela hari!

Ramlani said...

කම්මැලි නැතුව දිගටම කියවගෙන යන්න ආස හිතෙන රටාවකට හකාවතී ලියල තියෙනව...88/89 කාලෙ කතාවෙ මම කැමතිම තැන; 'ඉරට පායන්න එපා කියල නීති දැම්මට ඉරනොපායා ඉන්නෙ නැහැ නෙ' වගෙ කියවෙන එකට. ඔයා ලියන්න- අපි කියවන්නම්. ඉස්සර පොත් ගොඩ ගහ ගෙන පාඩම් පොත් අස්සෙ ඩීමන් ආනන්ද සහ ජයලත් මහත්තය ඇතුළු ගොඩක් පොත් දමාගෙන කියවපු අපි දැන් පරිඝණක තිරයට ඇස් යොමාන නිදි මරණව. ඇබ්බැහි වෙලා බොහොම බරපතල විදිහට..කමක් නැහැ කුඩු නෙවේ නෙ..

හකාවතී said...

chamila de alwis@ digatma liyanawa. bohoma sthuthiy!

anonymous@ parakku nehe parakku nehe, bohomathma sthuthiy.

Ramlini@ godak sathutui mehema digata comment karala thiyenawa dekkama. bohomathma sthuthiy!!

-බිன்ku- said...

හකාවතීයෝ, මම ජංජාලේ නොසිටි කාලේක නුඹ ආපු නිසා මට මේක මඟ හැරීලා තිබ්බේ.

දිගටම ලියපං හකාවතීයෝ ලියපං!
88-89 කාලවලදී මම නො උපන්නත් ඒ කාලවලදී අපේ නෑයන්ගෙන් කොටසක් මැරුම් කද්දී පස්සේ අපි ඔක්කෝමලා එකතු වෙලා එක තැනක හිටියේ. ඒ කාලවල සුන්දර වගේම අසුන්දර සිදුවීම් මාත් අසා තියෙනවා.

හකාවතී said...

ගොඩක් ස්තුතියි බිංකු ඔබගේ සපැමිණීම සහ වටිනා අදහස් දැක්වීමට.

ආයෙම එන්න. හොඳ දෙයක් ලියාගෙන හෙමින් එන්නම්.

Post a Comment