Tuesday, March 16, 2010

දහයේ සෘණ පන්සිය තුනේ මිනුමේ ජීවිතය...


දහයේ සෘණ පන්සිය තුනේ මිනුමේ ජීවිතය...

"අර පේන මන්දාකිණිය මොකද්ද?"

"ඒක ඉලෙක‍‍ට්‍රෝන වළාවක්"

"එතකොට අපි මේ ඉන්න ලෝකය?"

"ඒක එක ඉලෙක්ට්‍රෝනයක්"

"මොනවා? අපේ ග්‍රහ ලෝකය ඉලෙක්ට්‍රෝනයක්?"

"ඔව් අපි ජීවත් වෙන්නේ මිනිස් විෂයේ මිනුමට සාපේක්ෂව දහයේ සෘණ පන්සිය තුනක් තරම් කුඩා මිනුම් සහිත ක්ෂුද්‍ර ලෝකයක"

"ඒ කියන්නේ අපට අපේ ග්‍රහ මඬුල්ල වගේ පේන දේ මිනිස් විෂයට අනුව පරමාණුවක් ද ?හරියටම සූර්යයා කේන්ද්‍ර කරගෙන කරකැවෙන ග්‍රහයෝ වගේ ප්‍රෝටෝන න්‍යෂ්ටිය කේන්ද්‍රකරගෙන කරකැවෙන ඉලෙක්ට්‍රෝන ද අපේ ග්‍රහලෝක?

" ඔව් හරියටම හරි. නමුත් මිනිස් විෂයට අනුව අපේ ලෝකය පරමාණුව විතරක් නොවෙයි ඒ අයගේ නිවුටන් නියමවත් පිළිනොපදින ක්වොන්ටම් ‍ ලෝකය. ඒ අයට එහෙම වෙද්දී අපට අනුව නිවුටන් නියම වලට අනුව චලනය වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන. මොකද මිනිස් විෂයට දහසේ සෘණ තිස් හතරට එහා ගෝචර වෙන්නේ නැති නිසා. අපට දැනෙන්නේ මිනිස් විෂය ක්වොන්ටම් කියලයි. "

"ඒකට හේතුව මොකද්ද?"

"ඒකට හේතුව තමයි අපි ඉන්නේ වෙනස් කාල රාමු වල වීම"

"ඒ කියන්නේ?"

"ඒ කියන්නේ මිනිස් විෂය කාලය කියල කියන දේට වඩා අතිශය වේගවත් දේක තමයි අපි මේ ඉන්නේ. කොටින්ම මිනිස් විෂයට ඉලෙක්ට්‍රෝනයක් කවදාවත් දැක ගන්නවත් පිහිටුම සහ වේගය එකවිට මැන ගන්නවත් බැරි තරම් වේගයෙන් වෙනස් වෙවී තියෙන දෙයක් විදියට ඒ අය ක්වොන්ටම් සංසිද්ධිය වටහා ගනිද්දී අපි ඒ අවිනිශ්චිත දේවල් මතුපිට ජීවත් වෙනවා. අපට අනුව ඉලෙක්ට්‍රෝනය ඔවුන්ගේ ග්‍රහ ලෝකයක් තරම් විශාලයි. අපේ කාලය ඔවුනගේ කාලය ට වඩා අතිශය වේගවත්‍. ඔවුනට කවරදාකවත් අතික්‍රමණය කළ නොහැකි වේගයන් තුළ අපි නිශ්චලයි. "

"දැන් නම් තේරුණා ඇයි මිනිස් විෂය අවිනිශ්චිතතාවයේ මායිමේ කරක් ගහන්නේ කියලා..."

"ඔව් මිනිස් විෂය කවර දාක හරි අපි සමග තොරතුරු හුවමාරු කරගනීවි. නමුත් ඒ අයට අනුව ඒ අභ්‍යවකාශයේ කෙළවරින් එන පණිවිඩයක්. නමුත් අපි ඉන්නේ ඒ අයගේ වතුර බිංදුවක හෝ පිෂ්ට අංශුවක..."

"නමුත් මෙහෙම වෙන්න බැරිද? ඒ අය සහ අපි එකම අවකාශයක ඉන්නවා කියලා අපි දෙගොල්ලන්ටම දැන ගන්න විදියක් එකිනෙකාට සම්ප්‍රේෂණය කරන්න ක්‍රමයක් සොයා ගන්න බැරිද ඊට කලින්?"

"පුළුවන්. ඒකම තමයි මේ දැන් මේ වෙන්නේ. හකාවතී මේ කතාව ලිවීම තුළ කරන්නේ අපේ‍ ලෝකය සහ මිනිස් විෂය ලේඛනයක් තුළ එකට එකතු කිරීම. ඇත්තට ම විය හැක්කේත් ඒ දේම පමණයි. "

7 comments:

Anjana Jayaweera said...

විය හැක්කේත් ඒ දේ ම පමණයි....

හ්ම්ම්....

කතන්දර කාරයා said...

හකෝ, මං නං සැකේනුයි උන්නෙ උඹ ඒලියන් කෙනෙක් කියල. අදයි, සැකේ හරි බව තේරුනේ!
-කතන්දරකාරයා

රවා said...

මෙ කියන්න මමත් දැකපු, හිතෙ ඇදුනු අදහසක්.. හරිම ලස්සන සංසිද්දියක්.. එක දෙයක් වටෙ තව දෙවල් ගොඩක් කැරෙ කෙනවා... විටකෙ ලං වෙනවා. විටෙක ඇත් වෙනවා... එකපාරට පුපුරනවා ආපහු ටික කලකින් හැකිලෙනවා...ඇත්තම ඔයාට පුදුම හිතෙන්නෙ නැද්ද... ආලොක වර්ශ මිලියන ගාණනක් ඇතට විශවය සිතියම් කරලා මම ගාව නැෂනල් ජියොග්‍රොපික් එකන් හම්බ උන සිතියමක් තිබුනා..

Siribiris said...

අපූරු සංසන්ධනයක්. ග්‍රහ ලෝක සූර්ය්‍යා වටේ යෑම සහ ඉලෙක්ට්‍රෝන නයෂ්ටිය වටේ යෑම අතර සෑහෙන සමාන කමක් තියනවා තමයි. ඉස්සර හිතුවේ පරමාණුවෙන් එහාට දෙයක්නෑ කියලනෙ. දැන් ඔය ක්වාර්ක් ගැන කියන්නෙ.

මහත්තයෝ අපි ඔය Uncertainty Theory එහෙම ඉගෙන ගත්ත අය නොවෙයි. ටිකක් සරලව ලිව්වොත්, අපි වාගේ හුදී ජනයාටත් මේ වගේ අපූරු නිර්මාණ මීට වඩා හොදට රස විදින්න පුළුවන් වෙයි.

Orchids said...

✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/

✉ ✉ ✉ ✉ ✉ ✉ ✉

බිඟුවා...! said...

wenna puluwan

änthräX said...

ඒක කියවලා ලෝකෙම මා වටේ කැරකෙන්න ගත්තා නොවැ.. :P

Post a Comment